ඔබේ වාසනාව දේහ ලක්ෂණයෙන් හදුනාගනිමු

July 29, 2016

ඔබේ වාසනාව ඔබ ලඟමයි

දේහ ලක්ෂණය යනු ගැඹුරු විද්‍යාවකි. එය කිසිසේත්ම ජෝතිෂ්‍ය විද්‍යාවට සම්බන්ධ නැත. ජොතිෂ්‍යයේදි ග්‍රහයන් එක් එක් කොටුවලට පැමිණිම මත අනාවැකි කියනු ලබයි. නමුත් දේහ ලක්ෂණය යනු තමන්ගේ ශරිරයේම පිහිටා තිබෙන එක් එක් අව යව හා රේඛා මත පිහිටා කියනු ලබන්නකි.
මනුෂ්‍යයෙක් මේ ලෝකයට බිහි වෙද්දි ඇස, කන, නාසය, දිව, ශරිරය කියා අංග පහක් පිහිටා තිබේ. දුගී පැලක ඉපදුනත් තමන්ට රජකම දක්වා යන්න වාසනාව තිබේද රජ මැදුරක ඉපදුනත් දුගි පැලට වැටිමේ අවාසනාව තිබේද යන්න දේහ ලක්ෂයන්ගෙන් මනුෂ්‍යයෝ රැගෙන පැමිණෙති.
දේහ ලක්ෂණ විද්‍යාවට අවුරුදු 2600 කට වැඩි ඉතිහාසයක් තිබේ. සිද්ධාර්ථ කුමාරයා මොලොවට ඡන්ම ලාභය ලබා මේ වන විට අවුරුදු 2600 ක් ගතවී ඇත. සිද්ධාර්ථ කුමාරයා උපන් අවස්ථාවේ වප්ප භද්දිය මහානාම අස්සජි කියන ශාස්තෘන් වෙත පියරජතුමා විසින් පෙන්වා සිටියේ අනාගත සාර්ථකත්වය පිළිබඳ දැන ගැනීමටය.
එහිදි ජොතිශ්‍ය අනුව අනාවැකි ඉදිරිපත් කළ වප්ප භද්දිය මහානාම අස්සජි කියන ශාස්තෘන් කියා සිටියේ කටක ලග්නයෙන් උපන් සිද්ධාර්ථ කුමාරයා එක්කෝ සක්විති රජ වෙයි නැති නම් බුදු වේවි යන අනාගත වක්‍යය. නමුත් දේහ ලක්ෂණ විද්‍යාව අනුව කරුණු කියූ කොණ්ඩඤ්ඤ තවුසාණන් කීවේ සිද්ධාර්ථ කුමාරයා අනිවාර්්‍යයෙන්ම මතු බුදු වන බවය.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සිද්ධාර්ථ කුමාරයාගේ තිබෙන බව මුලින්ම ප්‍රකාශ කළේ ද කොණ්ඩඤ්ඤ තවුසාණන්ය. ලම්බකර්ණ කන් දෙක, අක්ඹබරුන් බදු වූ කොන්ඩය, දිගු නහය, අත් දෙක ගත්තහම එහි ඇගිලි මේ සියල්ලෙන්ම උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ පෙන්වා දුන්නේය. දිගු නහයෙන් ස්ථානෝචිත ප්‍ර ඥාව පෙන්නුම් කරන අතර අතේ ඇගිලි ගත් කළ වෙදගිල්ලේ පළමු පුරුකට උඩින් සුළගිල්ල ගොස් තිබුනි.
මෙයින් පෙන්නුම් කළේ ඇගිලි පහම එක හා සමාන බවය. එය යම් ඡන්මයෙකුට පිහිටන උත්තරිතරම ලක්ෂනයක් ලෙස කොණ්ඩඤ්ඤ තවුසාණන් පෙන්වා දුන්නේය. අනෙක නළලත් හිසත් අතර පිහිටි උර්ණ රෝමයය. අනෙක් ලක්ෂණ හා උර්ණ රෝම ලක්ෂණය බැලූ කළ අනිවාර්්‍යයෙන්ම දෙව් බඹු මිනිස් ආදි සදෙව් ලොවටම අධිපතිත්වයට පත් වන බුද්ධත්වය ලබනවාමයි යන ඒකායන වාක්‍යය කොණ්ඩඤ්ඤ තවුසාණෝ ප්‍රකාශ කළහ.
ඉතින් මේ කාරණා ගත් කළ දේහලක්ෂණ විද්‍යාව අභ්‍යාවකාශයේ ග්‍රහවස්තු මත පදනම් වූවක් නොව ඡන්මයාගේ ශරිර ලක්ෂණ පදනම් කරගනිමින් ඔහුගේ හෝ ඇයගේ අනාගතය හා අතීතය ගැන කරනා හෙළිදරව්වකි.
දේහ ලක්ෂණ අනුව සුබාසුබ ඵල ප්‍රකාශ කරන්නන් අඩුය. ඊට හේතුව ඉන්දියාවේ පවා මෙම ශාස්ත්‍රය අනුව අනාගත වාක්‍ය කියන පිරිසේ හිඟකමය. නමුත් මා ඉන්දියාවේ හිමාලය ආසන්නයේ ජීවත් වූ ගෝපාල් ස්වාමි නම් ශාස්තෘවරයාණන්ගෙන් මේ ශාස්ත්‍රය ඉගෙන ගනු ලැබුවේ අනන්ත අප්‍රමාණ දුක් විදිමිනි. ඒ අනුව දේහ ලක්ෂණ විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනිමටද මට හැකියාව ලැබුනි.
දේහ ලක්ෂණ විද්‍යාව අනුව යම් පුද්ගලයෙක් ගැන මා ඉදිරිපත් කරන කරුණු කාරණා සම්බන්ධයෙන් කව්රුන් හෝ තර්ක කරයි නම් ඔහු හෝ ඇය සමඟ ඕනෑම විවාදයකට මා සුදානම් බව කිව යුතුය.
දේහ ලක්ෂණ විද්‍යාවේදි පුද්ගලයාගේ දෙ ඇත් ඇගිලි ඇස් කන් නාස නළල යන ගමන කටහඩ සම්බන්ධයෙන් විග්‍රහ කරනු ලබන්නේය. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුගේ අනාගතය සම්බන්ධයෙන් විග්‍රහයක් මා හට කළ හැක්කේය. ඊට අදාළව යම් යම් කරුණු මා ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු. ඒ අනුව යම් කෙනෙකුට ඔහුගේ අනාගතය ගැන දැන ගැනිමට වෙබ් අඩවිය හරහා මා හමුවිය හැකිය. එයින්ද සෑහිමකට පත් නොවේ නම් මා හමුවිමටද වෙබ් අඩවිය හරහා අවස්ථාව ලබාගත හැක.

දේහ ලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක

Sammy

Previous story Next story

related post

Leave a comment

t

o

p