ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව මැලේරියා මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මැලේරියා තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කර ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ඔවුන් පැමිණෙන බවයි.
ලබන 27 වැනිදා සිට සති දෙකක කාලයක් අදාළ විශේෂඥ කණ්ඩායම මෙරට රැඳී සිටිනු ඇත.
Leave a comment