ඩී.වී.උපුල් ඇමති ධූරය අහිමිවෙයි

July 20, 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු පළාත් සභාවේ ධීවර හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (20) පස්වරුවේ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

දකුණු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඩී.වී.උපුල් මහතා ය.

ඒ අනුව ඔහුට අයත්ව තිබු දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල හා ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන යන සියලු අමාත්‍යාංශ ද  ගුණසේන මහතාට පවරා තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p