බැසිල් අගෝස්තු 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

July 18, 2016

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දිවිනැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අද(18)පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණි.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රාජපක්ෂ මහතා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඈත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p