Special News

කොළඹ ලෝටස් පාරේ රණවිරු උද්ඝෝෂණය

පූර්ණ ආබාධිත තත්ත්වයට පත් හමුදා සාමාජිකයන් පිරිසක් අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ සේවා කාලය වසර 12 ට අඩු විවිධ වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම යාමට සිදුවූ තමන්ට විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්. කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට පූර්ණ ලෙස ආබාධිත තත්ත්වයට පත්ව සිටින හමුදා සාමාජිකයන් පිරිසක් එක්වී සිටියා. කොටුව දුම්රිය ස්ථානය Read More

ශ්‍රී ලාංකික බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි

ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය. කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය. එහෙත් කම්කරුවන් Read More

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ නිධන්වස්තු තැන්පත් කිරීම

මොරගහකන්ද කළුගඟ ප්‍රධාන වේලේලේ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අති දැවැන්ත ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මාතලේ , අනුරාධපුර, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000ක් සඳහා යල මහ දෙකන්නයේ ජලය Read More

මල්වරයෙන් හෙළිවන සැඟවුණු රහස්

මල්වර වූ තැනැත්තියගේ ස්නානය උදෙසා නැකැත් සෑදීමේදී මල්වර වූ දිනයේ සිට හතරවැනි හෝ පස්වැනි දිනය යොදාගනියි. සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම සුදුසුය. දියවක තියවක විශේණිය, සතවක, දසවක, එකොළොස්වක හෝ තෙළෙස්වක යන තිථියක් විය යුතු අතර සුබ ලග්නයක් හෝරාවක් යොදාගෙන නැකැත යොදාගැනීම පුරාණ නියමයක් වුවද අද සමාජයේ මෙම දින ගණන් වෙනස් වෙමින් සුබ නැකැත් Read More

මැතිරූ පෑන්, පැන්සල් නිසා විභාග සමත් වෙනවාද?

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග ළමයින්ගේ මෙන්ම මවුපියන්ගේද සිත්වල අනියත බියක් හා උනන්දුවක් ඇති කරන කඩඉම්ය. වැදගත්, උසස් යැයි සම්මත පාසලක් ලබා ගැනීමට යහමින් මුදල් අතේ මිටේ නැති අයටත්, ගම්බද දරුවන්ටත් ඇති එකම අවස්ථාව ශිෂ්‍යත්වයයි. උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් විය යුතුමය. නැත්නම් අනාගතය අවිනිශ්චිත යැයි යන මතයක් සමාජයේ ගොඩනැඟී Read More

සංවර්ධන කලාප ඇති කරන්න පියවර ගන්නවා

ඉදිරි වසර 04 තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහනුවර, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට දිස්ත්‍රික් ඇතුළත් වන පරිදි  සංවර්ධන කලාපයක් ඇති කරන බවයි. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ඉරානයෙන් තෙල් යළි එනවා

ඉරානයෙන් ඛනිජ තෙල් නැවත ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමත් සමග මෙලෙස ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබදව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ මෙරට ඛනිජ තෙල් කාර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ. 2012 වසරේ සිට Read More

අමෙරිකානු යුද නැවක් කොළඹට

අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. නාවික හමුදාව කියා සිටියේ නිව් ඕර්ලින්ස් නැමැති යුධ නෞකාව සුහද සංචාරයක් සදහා කොළඹ වරායට පැමිණි බවයි. දින 06ක කාලයක් මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන අතර නෞකාවේ කාර්යය මණ්ඩලය සදහා විශේෂ වැඩසටහන් රැසක්ද නාවික හමුදාව විසින් සංවිධානය කර තිබේ. නිව් ඕර්ලින්ස් නෞකාව ශ්‍රී ලංකා Read More

ගෑනු වෙස් ගත් පෙම්වතා

මුස්ලිම් කාන්තාවන් අදින අැදුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැත්තේ කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට බවයි අනාවරණය වී ඇත්තේ. ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මහා මාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ සාමාජිකයනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් කරලා – ජ.වි.පෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බදවා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටින්නේ උපදේශකයන් 45 ක් බව ප්‍රකාශ කිරිමෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිවරයා සභාව නොමඟ Read More

t

o

p