නත්තල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉන්දු – ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින්ට නිදහස

ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයින් 30ක් හා ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 66ක් නිදහස ලබති.

මෛත‍්‍රී පාලනයේ තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් – පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

විශාල ඇමති මණ්ඩලයක් වෙනුවට තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරෙන බව අද (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

දශලක්ෂයක පුරවැසි අදහස් විමසමින් සකස්කළ “මහින්ද චින්තන ලොව දිනන මඟ” එළි දැක්වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තන ලොව දිනන මඟ කොළඹදී දෙසැම්බර් 23 වැනිදා නිකුත් වූ අතර එය සකස් කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ලබාදී ඇති අදහස් සහ යෝජනා සංඛ්‍යාව 1,003,421කි.

ආණ්ඩුව විසින් උතුරේ වර්ජන වැඩපිළිවෙළක්

-මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය රටේ නිදහසත් ජාතික ආරක්‍ෂාවත් තහවුරු කරනවා උතුරේ සහ නැගෙනහිර ජනතාව එහි පදිංචි කලයුතු බවත් ඔවුන්ගේ ජිවත්වීමේ අයිතිය අහිමි කර, වත්මන් පාලනය තුළ නිරුවත් කර පහරදීමට ලක් කරන බවත් අද (23) සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.

තිස්සගේ ලියවිල්ල ව්‍යාජ ලියවිල්ලක්

– විපක්‍ෂ නායක පොලිස්පතිගෙන් විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලයි වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන තිස්ස අත්තනායක මහතා මාධ්‍ය තුළින් රාජ්‍ය අංශය සඳහා සේවකයින් බඳවා ගැනීම වහාම අත්හිටුවනවා යැයි, රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් සහිතව ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ ව සකස්කරන ලද්දක් බවත්, එය තරයේ හෙළා දකිමින් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අද (23) පැවති Read More

යුද ජයග‍්‍රහණය මහින්ද රාජපක්‍ෂගේ තනි වැඩපිළිවෙළක් නොවේ

අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බිහිකළ ආණ්ඩුව තුළ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) මහරගම පැවති ජනරැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

තරුණ කැරැල්ලක් ඇති වීම වැළැක්වීමට මෛත‍්‍රීපාල ජනාධිපති කළ යුතුයි

– නැගෙනහිර පළාත්, සභා නායක ප‍්‍රියන්ත පතිරණ වත්මන් ජනාධිපතිට නැවත බලය ලබා දුන හොත් තරුණ කැරැල්ලක් ඇති විය හැකි බව නැගෙනහිර පළාත් සභා සභා නායක ප‍්‍රියන්ත පතිරණ මහතා පවසයි.

t

o

p