ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය රක්ෂණ ආවරණය ඉහළ නංවයි

2015 අයවැය මඟින් නිවේදනය කරන ලද 50%කින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200,000 සිට රුපියල් 300,000 දක්වා වැඩි කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සංශෝධිත රක්ෂණ Read More

මෙවර පොලිස්පති මහජන දිනය නොපැවැත්වේ

සතියේ සෑම සිකුරාදා දිනයන් ම පොලිස්පති මහජන සහන දිනය ක්‍රියාත්මක වන මෙම සතියේ පොලිස් මහජන සහන දිනය යෙදෙන (26) දා සහන දිනය ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. තැපැල් ජන්ද විමසීම හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීමට තීරණය කොට ඇත. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද විමසීම ඊයේ (23) සහ අද (24) පැවැත්වෙන අතර පොලිස් Read More

රූබලයේ ඇද වැටීම ලෝකයටම බලපාවි

ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුකූල වෙළඳපොළ අර්බුදයක් රුසියාව තුළ වර්ධනය වෙමින් ඇතැයි රුසියාව පදනම් කරගත් දේශපාලන විශ්ලේෂකයකු වන අයර්ලන්ත ජාතික බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා තිබේ. ඔහු අනතුරු හගවා ඇත්තේ එය රුසියාවට පමණක් සීමාවී අවසන් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවයි. පසුගියදා එක් දිනක් තුළ රුසියානු රූබලය 20%කින් කඩා වැටුණු අතර ඉන් පවා ඩොලර් හෝ යුරෝ මිලදී ගැනීමට Read More

උසස් පෙළ ප්‍රතිඵල 27 දා නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රතිඵල මේ මස 27 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ඒ.ඩබ්ලිව්.එම්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. අගෝස්තු 05 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැති උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 234,192 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 62,116 ක් වශයෙන් අපේක්ෂකයෝ 296,313ක් පෙනී සිටියහ.  

උතුරු පළාත් සභාව යාපනය ජනතාව සඳහා ලබා දුන් පොරොන්දු ඉටුකර නැහැ

අවුරුද්දක් ගත වුවත් උතුරු පළාත් සභාව යාපනය ජනතාව සඳහා ලබා දුන් පොරොන්දු මේ වන විටත් ඉටුකර නැති බව සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාද්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි. යුද්ධය නිසා විනාශ වූ යාපනයේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා මෙවර අය-වැයෙන්  අනෙකුත් Read More

ඉතිහාසයේ රට ගොඩනගපු පස්වැනි රජු මහින්දයි…

අපේ ඉතිහාසය අනුව රට ගොඩනගපු රජවරු හිටියේ හතරදෙනෙක් පමණක් බව මහාවංශයේ දැක්වෙන බවත් පස්වැනියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය. ‘මහා වංසයට අනුව රට එක්සත් කරපු රට ගොඩනගපු රජවරු හිටියේ හතර දෙනයි. පස් වැනියා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඒ දේවල් කළේ නොයෙක් අභියෝග මධ්‍යයේ. රටේ Read More

තැපැල් ඡන්දය හෙටයි

2015 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භ වේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සහ අනිද්දා සිදු කෙරෙන අතර රාජ්‍ය සේවකයින්ගේ පහසුව වෙනුවෙන් සේවා අවශ්‍යතාවන් මත අතිරේක දින කිහිපයක් ද වෙන් කර තිබේ. ඒ අනුව හම්බන්තොට පොලිසියේ නිලධාරීන්ට හැර සෙසු පොලිස් නිලධාරීන්ට ලබන 26 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇත. කෙසේ වෙතත් Read More

මෛත්‍රීපාල පාලනයත් රාජපක්ෂ පාලනයත් දෙකම එකයි

මෛත්‍රීපාල සිරිසේන මහතාද කි්‍රයාත්මක කිරීමට සූදානම් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්තියම බවත් වෙනසක් අපේක්ෂා කළ ජනතාවගේ බලාපොරොත්තු පාවා දී ඇති බවත් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි. ඔහු ඒ බව පැවසුවේ, දෙසැ.20 වන දා බදුල්ලේ පැවති ජනහමුවකදීය. ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය. මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව තුළ නව ලිබරල් ධනවාදයේ අලූත් අදියරක් ආරම්භ කළහ. අධ්‍යාපනය, සෞඛ්‍ය Read More

කුමාර ගුණරත්නම්ට වීසා ලබා නොදීම පිළිබදව මානව හිමිකම් පැමිණිල්ලක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම් මහතා ලංකාවට පැමිණීමට ඇති ඉඩ කඩ සිතාමතා ඇහිරවීමට   එරෙහිව   අද   (19)  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව සහ චමීර කොස්වත්ත මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ. මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් දුමින්ද නාගමුව මාහතා මෙසේ අදහස් ඉදිරිපත් කළේය. කුමාර ගුණරත්නම් සහෝදරයා Read More

ධනුන තිලකරත්න ඇප මත නිදහස් කරයි

අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ. අද (19) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා විසින් ලක්ෂ 4ක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත තිලකරත්න මහතා නිදහස් කරන ලෙස නියෝග කර තිබේ. Read More

t

o

p