ලංකා විදුලිබල මණ්ඩලයට රු. ලක්ෂ 235ක වැටලීම් ආදායමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ නොවැම්බර් මස දීපව්‍යාප්තව සිදුකරන ලද වැටලීම් තුළින් රු. ලක්ෂ 235ක වැටලීම් ආදායමක් ලබා ඇත. ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතාකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ  සිද්ධීන් 317ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 347ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය Read More

මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් යානාවක් අද උදෑසන අතුරුදහන්වී ඇත

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් අද උදෑසන (28) අතුරුදහන්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. QZ 8501 නමැති ගුවන් යානය අද උදෑසන 6.17ට (23:17 GMT) පමණ ජකර්තා ගුවන් කුලුණ සමඟ තිබූ සම්බන්ධතාවන් බිඳ වැටී මෙලෙස අතුරුදන්ව ඇති බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරියෙක් මාධ්‍යයට පවසා ඇත. ඉන්දුනීසියාවේ Read More

සමාජයක් විදියට යහ පැවැත්ම ගැන සිතනවා නම් හැරෙන්න වමට

මහින්ද රාජපක්ෂ බලයට ආවත් මෛත‍්‍රීපාල සිරිසේන බලයට ආවත් ජල සම්පත පෞද්ගලීකරණය කර වැව් අමුණු නඩත්තුවේ වගකීම ජනතාව මත පටවන බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. දුමින්ද නාගමුව මහතා ඒ බව පැවසුවේ දෙසැම්බර් 27වන දා කැස්බෑවේ පොල්හේනේදී පැවති ජන හමුවකදීය. එම අපේක්ෂකයින් දෙදෙනාම නව ලිබරල් ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලින් Read More

උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද පස්වරුවේ අන්තර් ජාලයට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අදාළ ප්‍රතිඵල මෙලෙස නිකුත් කළ ඇති බව වාර්තා වෙයි. 2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 34,197 දෙනෙකු පෙනී සිටින ලදී.

මහවැසි නිසා උඩරට දුම්රිය ‍ගමන් නතරකරයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්‍පුර්ණයෙන් ඇණහිට ඇති බව දුම්රිය පාලකමැදිරිය පවසයි. නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය ස්ථාන කිහිපයක දී අවහිර වී ඇත.

ස්මාට්ෆෝන් මොළයට හොඳයිලූ

ස්මාට්ෆෝන් භාවිතය මගින් මොළයේ ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකර ඇති මෙම පර්යේෂණය සඳහා ස්වෙච්ඡවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින් 37 දෙනෙකු දින 10ක් පුරා නිරීක්‍ෂණය කර ඇතැයි වාර්තා වේ. මෙයින් 26 දෙනෙකු ස්පර්ශ තිර දුරකථන භාවිතා කරන්නන් වී ඇති අතර 11 දෙනෙකු පැරණි වර්ගයේ ජංගම දුරකථන භාවිතා කර තිබේ. Read More

ස්වාභාවික විපත් සිදු වූ සෑම විටකම ජන ජීවිතය රැක ගැනීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් – ජනපති

ස්වාභාවික විපත් නිසා පසුගිය වසර කිහිපය තුළදී අප රට බොහෝ ආපදා අවස්ථාවන්ට මුහුණ දී තිබෙන බව පෙන්වාදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සෑම අවස්ථාවකම දී ම ජන ජීවිතය අඩාලවීම අවම කර ගනිමින් කටයුතු කිරීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් බව සඳහන් කරයි. අදට යෙදී තිබෙන ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් Read More

මුතුහෙට්ටිගම සිංගප්පුරුවට පනී..

අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ. රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ. නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පෙරේදා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.

ඡන්දදායකයාට වෙලා තියනදේ………..

මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය. එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.              “ජන කතාවක තියනවා,කැලේ රජා තෝරගන්න සත්තු අතර තිබුණ ඡන්ද විමසීමක් Read More

දකුණු අධිවේගයෙන් 8ක් රෝහලට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට ගැලනිගම බලා ධාවනය වු වැන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය. අනතුරෙන් වැන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට Read More

t

o

p