සියලු මන්ත්‍රීවරුන්ට චර්යාධර්ම පද්ධතියක්‌

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම චර්යා ධර්ම පද්ධතියක්‌ පෙබරවාරි 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට මහජන නියෝජිතයන් සඳහා මෙවැනි චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වාදෙන පළමු අවස්‌ථාව මෙය බව ද Read More

සිවිල් ආරක්ෂක බලකායට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස මේජර් ජනරාල් ජානක රත්නායක මහතා  (20) සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තේය. අභිනවයෙන් අධ්‍යක‍්ෂ ජනරාල් ධූරයට පත්වූ මේජර් ජෙනරාල් රත්නායක මුදියන්සේලාගේ ජානක අතුල රත්නායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සැපයුම් නිලධාරීවරයෙකු ලෙස සේවය කරනු ලබයි.

ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල පහල දමා තිබේ. ඒ අනුව 150ක්ව පැවති පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.117 ක් දක්වා රු. 33කින් අඩු කර ඇත. රු. 158ක්ව තිබූ පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රු. 128ක් දක්වා රු. 30 කින් අඩු කර ඇත. රු. 111ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රු. 95 ක් දක්වා රු.16කින් අඩු කර ඇති අතර රු. 133ක්ව Read More

හිරුණිකා පොලීසි යයි

තමන්ගේ පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට හා අංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.

දින සියයේ වැඩසටහනට පූර්ණ සහය දෙනවා

වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට පූර්ණ සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව තීරණය කර තිබෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සඳහා දින සියයයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා විපක්ෂය ලෙස Read More

ශිරාල් ලක්තිලක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ධුරයකට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් පත් කරනු ලැබ ඇති අතර ඒ මහතා අද (20) ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මාතර රාහුල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ගැටුම් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇමෙරිකාවේ Read More

සිංහල සිනමාවේ 68වැනි උපන් දින විශේෂ සැමරුම් උත්සවය හෙට

සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට (21)ට යෙදී ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ. ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස ‘කඩවුණු පොරොන්දුව’ තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව ‘අපි මැරෙන්නෙ නෑ’ චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත. මේ විශේෂ සැමරුම Read More

වැලිකඩ ගැන සාක්ෂි දෙන්න උදුල් සූදානම්

වසර දෙකකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ බවටනීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා චෝදනා කරයි. එම කැරැල්ල සමථයකට පත්කළ පසු බන්ධනාගාරයට පැමිණි ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් විසින් සිරකරුවන් රැසක් වෙඩි තබා මරා දැමූ බවත්, මේ පිළිබඳව වර්තමානරජය යටතේ සාධාරණ විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත්අද Read More

පලිගත්තා ඇති

ජනාධිපතිවරණයෙන් පසුව සිදුවන දේශපාලන පලිගැනීම් නතර කිරීම පළමුව සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමිකවතාවත්වල නිරත වීමෙන් අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රීසුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතරතම පරම්පරාව දේශපාලනයේ නිරත වන 1931 සිටමේ දක්වාකාලය තුළ පළමු වරට පොලිසිය විසින් තම නිවස පරීක්ෂා කරනු ලැබූ බව කීය. Read More

පාප්තුමන්ගේ පිලිපීන දේව මෙහෙයට හැට ලක්‍ෂයක වාර්තාගත ජන ගඟක්

ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ පිලිපීන සංචාරය අවසන් කරමින් පැවති අවසන් දේව මෙහෙයට මිලියන 6ක ජනතාවක් රැස්ව සිටි බව වාර්තා වේ. මෙය පාප්වරයෙකු විසින් පැවැත්වූ විශාලතම දේව මෙහෙය ලෙස වාර්තා අතරට එක්ව ඇති අතර මින් වසර 20කට පෙර 1995දී දෙවන ජුවාන් පාවුළු පාප්වරයා විසින් පිලිපීනයේ පැවැත්වූ දේව මෙහෙය වෙත සහභාගී වූ සංඛ්‍යාව මිලියන 5කි. ඇද හැලූනු දැඩි Read More

t

o

p