67 වන නිදහස් උළෙල ‘පිරිපුන් මව්බිමක්, අභිමන් හෙට දිනක්‘ යන තේමාව යටතේ

‘පිරිපුන් මව්බිමක් අභිමන් භෙට දිනක්‘ යන තේමාව යටතේ මෙවර නිදහස් දින උළෙල සැමරීමට රජය තීරණය කර තිබේ. මෙයට සමඟාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශෆ් මයිකල් පෙර්රා මහතා ප්‍රකාශ කළේය. පෙබරවාරි මස 4 වන දිනට යෙදී ඇති 67 වන ජාතික නිදහස් දිනයේ ප්‍රධාන උළෙල ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදී ඉතාමත් චාම්ව, ගාම්භීරව Read More

බස් ගාස්තු 1 වැනිදා සිට අඩු කරනවා

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලබන මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර අගයකින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි. ඒ අනූව අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 8 දක්වා අඩු කරන බව අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. ඩීසල් මිල රුපියල් 16කින් Read More

ප‍්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තවදුරටත්

2015 ජනවාරි මස 26 වැනි දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය වූ අතර, ඒ අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) පිළිවෙළින්, දැනට පවතින සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර Read More

කුමාර් ගුණරත්නම් ආගමන විගමන කන්තෝරුවට කැඳවයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියයි. මෙය කුමාර් ගුණරත්නම්ගේ ගමන නැවැත්වීමට ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණයක් බවද ඔහු කියයි.

මිස්ටර් බීන්ගේ සුපිරි රථය වෙන්දේසියේ

බි‍්‍රතාන්‍ය ජාතික සුප‍්‍රකට විකට නළුවෙකු වන රෝවන් ඇට්කින්සන්ගේ දම්පැහැති මැක්ලරන් F1 සුපිරි මෝටර් රථය අලෙවි කිරීමට අදහස් කර ඇත. දැනට වසර 20කට පමණ පෙර ඇට්කින්සන් විසින් මිලදී ගෙන ඇති මෙම මෝටර් රථය ඉතා හොඳ තත්ත්වයෙන් පවතින අතර පැයට කිලෝ මීටර් 240ක පමණ වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව ඇත. මෙම අගනා මැක්ලරන් රථය ඇට්කින්සන් රංගනයෙන් දායකත්වය දැක්වූ නිර්මාණ සාර්ථක Read More

පාර්ලිමේන්තුව අවට පාර වැහෙයි

67 වැනි ජාතික නිදහස් සමරුව වෙනුවෙන් පුහුණුවීම් සඳහා  (27) සිට පෙබරවාරි 4 වැනි දා දක්වා උදෑසන 8 සිට දහවල් 12 දක්වා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. එ් අනුව අදාළ කාලය තුළ දී පාර්ලිමේන්තු පාර, වටරවුම් පාර, කොබ්බෑඩුව මාවත මෙලෙස වසා තැබෙන අතර විකල්ප මාර්ග ලෙස තලංගම හරහා Read More

විධායක ක්‍රමය දිගටම – අතුරලියේ රතන හිමි

නව ආණ්ඩුව විවිධ තනතුරු සඳහා සිදුකර ඇති විවිධ පත්වීම් ගැන ඔබ වහන්සේට තෘප්තිමත් විය හැකිද? උදාහරණයක් ලෙස ජනාධිපතිතුමාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ලෙස පත් කොට තිබෙනවා. තවත් පවුල් පාලනයක් ඇති වේ දැයි මහජනතාව තුළ සැකයක් මතුවී තිබෙනවා? කොටින්ම මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ජනාධිපතිවරයාට බොහෝ සහෝදර සහෝදරියන් සිටිනවා. රාජ්‍ය Read More

චෙන්ග්ඩු-කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා

චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ජාත්‍යන්තර ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මකවන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන චෙන්ග්ඩු සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත. A330 ගුවන් Read More

මහින්දානන්දට රටින් පිටවීම තහනම්!

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීම වළක්වන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. අලුත්ගමගේ මහතා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් මෙම තීරණ ගෙන ඇතැයි සඳහන්ය. ඒ අනූව ඔහුගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවනු ඇත.

t

o

p