වී කිලෝවකට සහතික මිල හෙට සිට

අතුරු අයවැය මගින් ප‍්‍රකාශ කල පරිදි සහතික මිලට වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කෙරේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ වී මිලදීගැනීම දිවයින පුරා එකම අවස්ථාවකදී දිස්ත‍්‍රික් සහ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිදුවන බවයි.

මර්වින් බිලියනයක් වන්දි ඉල්ලයි..

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි. පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් කප්පම් ලබාගත්තේ යැයි ජයකොඩි මහතා විසින් තමාට සිතා මතා අපහාසයක් කිරීමේ පරමාර්ථය කොටගෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත පවසන මර්වින් සිල්වා මහතා Read More

මාධ්‍ය සංවිධාන කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනීසිටියි

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ කුමාර ගුණරත්නම් මහතාට ලංකාව තුළ රෑදී සිටීමට හා දේශපාලනය කිරීමට අයිතියක් ඈති බව මාධ්‍ය සංවිධාන පවසයි. අද 17 දින පෑවති මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍ය සංවිධාන කියා සිටියේ වර්තමාන රජය විසින් විවිධ දේශපාලණ බලපෑම් නිසා විදේශගත වු සියලු දෙනාට නෑවත එන ලෙස ආරාධනා කල බවත් මාධ්‍ය සංවිධාන ලෙස ඒ ආරාධනාව කරන බවද පෑවසීය.කුමාර් Read More

සිරිපා බැතිමතුන්ට විශ්‍රාම ශාලා පහසුකම්

ශ්‍රී පාද වන්දනා සමයේ ශ්‍රී පාදස්ථානය වැඳපුදාගැනීමට යන බැතිමතුන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ නොමිලේ විශ්‍රාම ශාලා පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. එමෙන් ම මගීන්ගේ පහසුව සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට ශ්‍රී පාදය අතර ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ බස් සේවාවක් ද ආරම්භ කොට ඇත.

ඉන්දු-ශ්‍රී ලංකා සිවිල් න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක්

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ඊයේ ද්විපාර්ශ්වික සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් ඇතුළු ගිවිසුම් කීපයකට අස්සන් කළහ. මේ ගිවිසුම අස්සන් කෙරුණේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතරය. මෙය දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරන්නක් බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ප්‍රථම විදේශ සංචාරයේ යෙදෙමින් ඊයේ ඉන්දියාවට පැමිණීමෙන් පසු Read More

මහා ශිව රාත්‍රී සුබ පැතුම්!

මහා ශිවරාත්‍රී උත්සවයේදී පහන් දැල්වීම තුළින් දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිතවලින් මොහඳුර පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා නිත්‍ය උත්සාහය සංකේතවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා ශිවරාත්‍රී උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. ‍එම පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි. ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරනෙ මහා ශිවරාත්‍රී උත්සවය දින ලොව පුරා සිටින තම සහෝදර Read More

මටත්, පුතාටත් නාම යෝජනා ලැබෙනවා.. චන්ද්‍රිකා ශ‍්‍රිලනිප දියුණුවට විශාල ශක්තියක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දියුණුවට විශාල ශක්‌තියක්‌ බවද දේශපාලන වාතාවරණවලදී ඉඳහිට ප්‍රශ්න ඇති වුවත් ඇය සමග පෞද්ගලික අමනාපයක්‌ නැතැයි හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කෙටි කාලයක්‌ නිහඬව සිටි එස්‌. බී. දිසානායක මහතා අප ඇසූ ප්‍රශ්න කීපයකට මෙසේ සුහදව පිළිතුරු දුන්නේය. ප්‍රශ්නය Read More

රණ විරු උපහාර විජයග්‍රාහී සැමරුම් උළෙල මෙවර ගාල්ලේ දී

රණ විරු උපහාර විජයග්‍රාහී සැමරුම් උළෙල ලබන මැයි 18 වෙනි දින ගාලු නගරයේදී පැවැත්වීමට නියමිතය. තිස් වසරක් පුරා මෙරට පැවති එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසුව 2009 මැයි 18 දින ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැණිනි. යුද ජයග්‍රණය වෙනුවෙන් දායකත්වය සැපයූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය අගය කිරීමට හා තිස් වසරක අධික යුද්ධයේ දී දිවිපිදූ සන්නද්ධ සේවාවන් Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව රැස්වූ අතර එහි දී පක්ෂයේ නව තනතුරු කිහිපයක් පත්කර ගැනීම සිදු විය. ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක ලෙස  සුසිල් ප්‍රේමජයන්ත්, උප සභාපති ලෙස රාජිත සේනාරත්න සහ භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහත්වරු පත්කර ගෙන ඇත.

ගෝඨාගෙන් CIDය ප්‍රශ්න කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්  (13* දිනයේ ප‍‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ නිවසේදී ප‍‍්‍රශ්න කර මෙලෙස ප‍‍්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි. රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඕ පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙම ප‍‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

t

o

p