මැයි පළමුවෙනිදා මහින්ද වෙනම මැයි රැළියක..?

ලබන මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන දේශපාලන පක්ෂ හතරේ මූලිකත්වයෙන් වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීරණය වී තිබේ. තම කණ්ඩායමේ දේශපාලන කටයුතු වලට සහය දක්වන වෘත්තීය සමිති හවුල් කරගෙන මෙම මැයි දින  උත්සව පවත්වන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කැනේඩියානු ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පොලිස් ප‍්‍රහාරයක්

කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේදී පැවති ශිෂ්‍ය විරෝධතාවක් කැනේඩියානු පොලිසිය විසින් විසුරුවා හැර ඇතැයි වාර්තා වේ. රජය විසින් සිදුකරන අධ්‍යාපන කප්පාදුවට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ මෙම රැළිය සඳහා දහස් ගණනක් එක්ව සිටි බව පැවසේ. පාගමනේ සැලැස්ම පිළිබඳව ප‍්‍රාදේශීය පරිපාලනය දැනුවත් කර නොතිබීම මත විරෝධතාවය නීතිවිරෝධී බව එය ආරම්භ කිරීමට පෙරම පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කර Read More

මට මොකටද ඇමතිකම් දුන්නේ..

තමනට ඇමතිකමක් දුන්නේ ඉල්ලීමක් තමන් නොකර උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. ‘අපේ පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව දිරියට ගෙනයෑමේදී පොරොන්දු ඉටුකරන්න අපේ සහයෝගය අවශ්‍ය වෙනවා.  එනිසා එතුමා අපිට ජාතික ආණ්ඩුවකට ආරාධනා කළා. ඒ අනුව තමයි කීප දෙනෙකුට ඇමතිකම් ලැබුණේ. මට ඇමතිකම් ලැබුණ හේතුව නම් දන්නේ නෑ.  හැබැයි ජෙයාරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ Read More

පුංචි ආණ්ඩු නිල කාලය දීර්ඝ කෙරේ..

එළැඹෙන 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති මහ නගර සභා 3ක්, නගර සභා 30ක්, ප්‍රාදේශීය සභා 201ක්ද වන පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මීට අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.  

ජනපති සොයුරාට පැය හතරක මොලයේ සැත්කමක්

හිසට එල්ල කරන ලද පොරොව පහරක් හේතුවෙන් බරතල තුවාල ලබා ගුවන් මගින් කොළඹ ගෙන එන ලද ප‍්‍රියන්ත සිරිසේන මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදි පැය 4ක මොලයේ ශල්‍යකර්මයක් සිදුකර ඇත. ශල්‍යකර්මයෙන් පසු ජනපති සොහොයුරා කෘතිම ස්වසන යන්ත්‍රයක ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සොහොයුරාගේ තත්වය බරපතල බවයි.

කුඩු ජාවරමට හසු වන්නන් එල්ලුම් ගහට

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුව වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මහජන සාමය,ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. කටාන ප්‍රදේශයේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය කන්ටේනර් මෙරට ගෙන ඒම කාගේ වුවමනාවට සිදු වූවා ද යන්න ඉදිරියට දැන ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු එහිදී Read More

විපක්‍ෂ නායකට දිනේෂ් හොදයි

දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක තනතුරට පත් වෙනවානම් තමා සතුටු වන බව ගම්පහ දිස්‌ත‍්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී (එජනිස* උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය ප‍්‍රකාශ කළාය. විපක්‍ෂ නායක තනතුරට අවශ්‍ය සුදුසුකම් දිනේෂ් මහතාට තිබෙන අතර මේ මොහොතේ නිමල් සිරිපාල මහතාට තමා දොස්‌ නොකියන බවද පැවසූ ඇය වත්මන් දේශපාලන තත්ත්වය මත මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කැපී පෙනෙන Read More

මත්පැන් බද්ද අත්හිටුවයි

සියලූ‍ම අරක්‌කු සහ මත්පැන් නිෂ්පාදකයන් ලබන අපේ‍්‍රල් 01 සිට මසකට රුපියල් කෝටි 02 බැගින් අවම බද්දක්‌ ගෙවිය යුතු යෑයි දන්වා සිටිමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 13.02.2015 දින නිකුත් කළ නියෝගය ක‍්‍රියාත්මකවීම ශේෂ්ඨාධිකරණය විසින් ඊයේ අත්හිටුවන ලදී.අරක්‌කු සහ බීර නිෂ්පාදන ආයතන සහ ඒවායේ හිමිකරුවන් 08 දෙනෙකු ගොනුකළ පෙත්සම් සහ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තීන්දුව ඉදිරිපත් Read More

රත්නපුරේ රැලියට යනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සන්ධාන නායකයන්ට බලකිරීමට රත්නපුරයේදී අද පැවැත්වෙන රැුලියට තමන් සහභාගි වන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කරයි. ඔහු පවසන්නේ තමා පළාත් සභා මන්ත‍්‍රිවරුන් 40ක් සහ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 150ක් සමඟ රත්නපුර රැුලියට Read More

දරුණු පාලකයින් පෙරළන ‘කලාව’

කලාවට, සමාජයක් වෙනස් කිරීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය. කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව පැවසීය. ලෝකයේ දරුණු පාලකයින් පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කලාවට හැකි වී ඇති බවයි එහිදී ඇය පෙන්වා දෙන්නේ.

t

o

p