මහින්ද රට පුරා පන්සල් ගානේ යනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් ගානේ දේශපාලනය කරමින් යන බවත් මෙයට සියළු දෙනාම විරුද්ද විය යුතු බවත් ජවිපෙ නායක අනුර දිසිනියක මහතා පවසයි. පසුගියදා ජවිපෙන්  අස්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේ ජවිපෙ දැන් බලය අල්ලාගෙන ඉන්නේ ඉන්නේ පන්සලකටවත් නොයන ජන මනස නොදන්නා විබජ්ජවාදීන් පිරිසක් බවයි

විල්පත්තුවේ කල පදිංචිකිරීම්වල කිසි වරදක්‌ නෑ – රාජිත

විල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැරැද්දක්‌ හිටපු ඉඩම් ඇමැතිවරයා ලෙස තමා නොදකින බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේදී ඊයේ (28 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඇමතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය. විල්පත්තු නැවත පදිංචි කිරීම් පිළිබඳව විවිධ මත Read More

බි‍්‍රතාන්‍ය ගුවන අවදානමේ.. F-35 ලෙඩ ගොඩක් වෙයි..

ඇමරිකානු F-35 ප‍්‍රහාරක යානා ව්‍යාපෘතියේ දිනෙන් දින ඉහළ යන වියදම සහ නිෂ්පාදන ප‍්‍රමාදය හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ අහස් කුස සම්පූර්ණයෙන්ම අනාරක්‍ෂිත තත්වයකට පත්වීමේ අවදානමක් ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැසිවිලි නගන බව වාර්තා වේ. තවත් වසර 3කින් ටෝනා්ඩෝ ජෙට් යානා විශ‍්‍රාම ගැන්වීමෙන් පසු බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා ශක්තිය හාස්‍යයක් බව ඔවුන්ගේ අදහසයි. F-35 ප‍්‍රහාරක යානා 8ක් ලබන Read More

යුද අපරාධ විමර්ශන වලට මුහුණදෙන්න මම සුදානම්!

යුද අපරාධ විමර්ශනයක් සඳහා මුහුණදීමට තමා සූදානම් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. “ ද ගාර්ඩියන්“ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එමගින් නිදොස් බව ඔප්පු කිරීමේ හැකියාව පවතින බවයි. තමා හමුදාපතිවරයාව කටයුතු කළ යුදමය වාතාවරණය පැවති සමයේ  සමස්තයක් ලෙස යුද හමුදාව යුද  අපරාධ නොකළ බවට Read More

උසස් පෙළ සමතුන් ගුරු සහයකයන් ලෙස බඳවා ගනී…

ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි, නැටුම්, චිත්‍ර, සංගීත, තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා උතුරු මැද පළාතේ පුරප්පාඩු ඇති පාසල්වලට උසස් පෙළ විෂය ධාරාව සමත් සුදුසුකම් සහිත අය බඳවා ගැනීම් කරන බවත් ඒ සඳහා සිකුරාදාට පුවත්පත්වල දැන්වීම් පළ කරන බවත් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂළ ජයරත්න මහතා පවසයි. උතුරු මැද පළාතේ ගුරු සහයකයන් ලෙස සේවය පිරිස Read More

දැනුම්දීමක් නෑ – වර්ජනය නැවැත්තුවෙත් නෑ

අද දින සේවයට නොපැමිණි ආදේශක,අනියම් සෞඛ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවක් මෙතෙක් ‍සේවකයින්ට දැනුම්දී නැතැයි සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසයි. රටේ පරිපාලන නීතියක් ඇති බැවින් මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීම පසෙකලා එකී නීතිය අනුව කටයුතු කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල කණිෂ්ඨ Read More

හැට රියනක් දිග සොහොන් කොත කාගෙද ?

අතීතයේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බව කියන “හැට රියන්”නම් වූ චෞර නායකයා මිහිදන් කර ඇතිබවට විශ්වාස කෙරෙන හලාවත – වැලිහේන ප්‍රදේශයේ පිහිටි සොහොන් කොත ඡායාරූපයේ දැක්වේ. හැට රියනක් (60) දිග මෙම චෞර නායකයා සමග තවත් දෙදෙනෙකු හලාවත ප්‍රදේශයට මුහුදු මගින් පැමිණ ඇති බවත් ඉන් එක් අයෙකුව කල්පිටිය – පාලකුඩාව ප්‍රදේශයේ මිහිදන් කර ඇති බවත් ජනප්‍රවාදයන්හි Read More

මාධ්‍යවේදීන්ට සහන මිලට බයික්

මාධ්‍යවේදින් වෙනුවෙන් සහනදායී මිල ක‍්‍රමයකට යතුරුපැදි ලබාදිමට මුදල් අමාත්‍යාංශ අනුමැතිය හිමිව තිබේ. මෙම පහසුකම ලැබෙන්නේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වසර පහක සේවයක නිරත වූ හා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ශ්‍රී‍්‍ර ලාංකික මාධ්‍යවේදීන්ටය. මෙම ක‍්‍රමය යටතේ මාධ්‍යවේදින්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකකින් යතුරුපැදි ලබාදිමටයි රජය සැළසුම් කර ඇත.

‘මගෙ දෙයියෝ මං ඔයාලට එරෙහි වුණේ නෑ’.

පසුගියදා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා කරවීම සඳහා බළන්ගොඩ පැවති ජන හමුවේදී කතාවක් පැවැත්වීම ආරම්භ කරද්දී ජනතාව මහ හඬින් හූ තියමින් ඝෝෂා කරන්නට වූහ. හූ හඬ මැද පවිත‍්‍රි සිය කතාව මෙසේ සිදු කලාය. ‘අනේ දෙයියෝ මං ඔයාලට එරෙහි වුණේ නෑ. ද්‍රෝහි වුණෙත් නෑ. Read More

විජයදාස රුසියාවට යයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රුසියාව බල පිටත්ව ගොස් තිබේ. රුසියාවේ  පැවැත්වෙන ජාත්‍යන්තර නීති සම්මේලනයේ විශේෂ දේශනයක් සඳහා අමාත්‍යවරයා එහි ගිය බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේය. ලබන 30 වනදා දක්වා පැවැත්වෙන මෙම නීති සම්මේලනය  රුසියාවේ සෙන්පීටර්ස්බර්ග් නුවර පැවැත්වීමට නියමිතය.

t

o

p