පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඞ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට :ඵ්ිඑැරක්‍්රා ඨකදඉ්ක ෘැිඑසබ්එසදබි ක්‍සඑසැි ෂබාැං * පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි. මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස Read More

‘රට ඉබාගාතේ යනවා’ – දැවැන්ත උද්ඝෝෂණයකට ජවිපෙ සූදානම්

දින 100 පොරොන්දු ඉටුකළ යුතු බවත් මෙම පොරොන්දු ඉටුකරවා ගැනිමට ජනතා විමුක්ත පෙරමුණ ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කරන බවත් ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (04) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. දින සියයෙන් පසුව ජනතාවට අලූත් ආණ්ඩුවක් හදාගන්න අවස්ථාවක් උදාවී නොමැති බවත් රට Read More

පිළිකා අතුරුදන් කරන යුග පෙරළිකාරී ඔසුවක් සොයාගැනේ..

පිළිකා වර්ග ගණනාවක් අතුරුදන් කරන යුග පෙරළිකාර ඔසුවක් වෛද්‍යවරුන් විසින් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ. ඩිම්බ කෝෂ, ගර්භාෂ, පෙනහළු හා ආන්ත‍්‍රික පිළිකාවන්ට අදාළව මෙම ඖෂධ අත්හදාබැලීම සිදුකර ඇති අතර එහි සාර්ථකත්වය පිළිබඳව චිකාගෝහි පැවති සායනික පිළිකාවේදය පිළිබඳ ඇමරිකානු සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වූ විද්‍යාඥයින් විශ්මයට පත්වූ බව පැවසේ. බි‍්‍රතාන්‍යයේ යේල් පිලිකා මධ්‍යස්ථානය විසින් Read More

ජනපති මෛත‍්‍රී එජාප අපට විශ්වාසයි..

ලබන සතිය අග වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. මහ මැතිවරණය පැවැත්වීම කල් යෑම හේතුවෙන් රට මතුපිටින් යම් කිසි අස්ථාවර භාවයක් ඇති වී තිබෙන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කිය. ‘මැතිවරණය නොතිබ්බ නිසා අද පුංචි අස්ථාවර භාවයක් තියෙනවා. මොකද හතළිස් දෙනෙක්ගේ Read More

මුස්ලිම් කාන්තාවකට ඇමරිකානු ගුවන්සේවයකින් වෙනස් සැලකීමක්

ඇමරිකානු යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන්සේවයට අයත් යානාවක ගමන් කළ ඇමරිකානු මුස්ලිම් ජාතික කාන්තාවකට ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් වෙනස් ලෙස සැලකීමේ පුවතක් වාර්තා වේ. චිකාගෝහි වයඹදිග වීශ්වවිද්‍යාලයේ අන්තර් ලබ්ධික සබඳතා පිළිබඳ අධ්‍යක්‍ෂිකා ටහෙරා අහමඞ් විවෘත නොකළ ඩයට් කෝක් කෑනයක් යානය තුළට ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ආරක්‍ෂක හේතූන් මත ඒ සඳහා අවසර නොදුන් බව ඇය විසින් සිය ෆේස්බුක් Read More

ශිරන්ති ළඟට ගොස් ප‍්‍රකාශයක් ගැනීම ත‍්‍රස්තවාදයට උදවු කිරීමක්..

ශිරන්නි රාජපක්‍ෂගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීම දුෂිතයින් රැකීමේ ත‍්‍රස්තවාදයට පොලීසිය යටවිමක් මෙන්ම නරක පූර්ව ආදර්ශයක් බව ජාතික හෙළ උරුමය පවසයි. මේ බව සඳහන් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ලේකම්වරයි විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. සිරිලිය සවිය බැංකු ගිණුමේ සිදුවී ඇති මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයට Read More

පොලීසියේ ලොකු පුටු මාරුවක්!

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සේවයේ අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි. ඒ අනුව මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.අයි.ආර්.එන්.පෙරේරා මහතා සංඛ්‍යාලේඛන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් මාරුකර යවා තිබේ. හබරාදූව පොලිස් Read More

තමන් ස්කොට්ලන්ත රාජ්‍යයට එක්කරගන්නැයි උතුරු එංගලන්ත වැසියන්ගෙන් ඉල්ලීමක්

ලන්ඩනයෙන් වෙන්වී අනාගතයේදි බිහිවන ස්වාධීන ස්කොට්ලන්ත රාජ්‍යයකට එක්වීමට කැමැත්ත පළ කරමින් උතුරු එංගලන්ත වැසියන් දහස් ගණනක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. උතුරු එංගලන්තයට බි‍්‍රතාන්‍යයෙන් ඉවත්වී ස්කොට්ලන්තයට එක්වීමට ඉඩදෙනු යන තේමාවෙන් ජය්බටැගදරට වෙබ් අඩවියේ පළ කෙරුණු මෙම පෙත්සමට 35000ක් අත්සන් හිමිවී තිබේ. එම පෙත්සමේ දක්වා ඇත්තේ උතුරු එංගලන්තයට වෙස්ට්මිනිස්ටර් ප‍්‍රතිපත්තීන්හි අදාළත්වය වේගයෙන් අහිමිවෙමින් යන Read More

සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි. බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් Read More

මාදුළුවාවේ සෝභිත හිමියන්ට උපහාර

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට උපහාර දක්වන ජාතික සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගි වී සිටි අයුරු.  

t

o

p