ටෝනි’ නොඑනා ගමනේ යයි..

ප‍්‍රවීන රංගණ ශිල්පී ටෝනි රණසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. වයස අවුරුදු 77  වූ ඒ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත විය. දශක ගණනාවක් පුරා සිංහල සිනමාවට ඉමහත් සේවයක් කල ඒ මහතා රංගනයේ යෙදුනු රන් සළු, දෙලොවක්, හන්තානේ කතාව, දුහුළු මලක්, ගඟ අද්දර, අහසින් පොලෙවට, ගම්පෙරළිය, පරසතුමල් අතිශය ජනාදරයට පාත්‍ර විය.

පොලීසියේ 1400ට ස්ථාන මාරු

පොලිස් නිලධාරීන් 1400ට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. වසර මැද ක්‍රියාත්මක වන ස්ථානමාරුවීම් මෙලෙස ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. අදාළ පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම්  ලබාදී  තිබේ. පොලිස් කොස්තාපල්වරුන්, සැරයන්වරුන්, සැරයන්වරියන් සහ සැරයන් රියදුරුවරුන් ස්ථානමාරුවීම් ලැබු පිරිසට අයත් වන බව සඳහන්ය. අදාළ ස්ථාන මාරුවීම් හෙට දිනයේ Read More

සෝනම් කපූර්ට දැන් 30යි

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන සෝනම් කපූර්ගෙ උපන්දිනය අදට යෙදී ඇති බව වාර්තාවෙයි. අදටඇයට වයස අවුරුදු 30 සපිරෙනවා. සෝනම් සිනමාවට පිවිසෙන්නේ සාවරියා චිත්‍රපටය හරහා. ඒවගේම ඇය රඟපෑ ම      I Hate Luv Storys චිත්‍රපටය අතිශය ජනප්‍රිය වෙනවා. සෝනම් බොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පී අනිල් කපූර්ගෙ දියණිය වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇය අද උපන්දිනය සමරන්නෙ පවුලේ උදවිය Read More

දිනපොත් මුද්‍රණයට ගියේ මිලියන 14යි මිලියන 140ක් නොවෙයි

ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජා.නි.පෙ. පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසන්නේ ඒ සඳහා වැය වුයේ රුපියල් මිලියන 14ක් පමණක් බව සඳහන් Read More

පොරොන්දු වූ මුස්ලිම් පරිපාලන ඒකකය පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ඕනෑ.. – මු.කො. ජනපතිට ලියයි..

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය.

ලොතරැයි අලෙවිකරුවන්ට රක්ෂණාවරණයක්..

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරුයි අලෙවි කරුවන් වෙනුවෙන් රක්ෂණ ආවරණයක් හඳුන්වා දීම අද (06) අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.   ඔවුන්ගේ මෙහෙවර සැබෑ ලෙස අගය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. දිවි වාසනා ලෙස නම් කර ඇති මෙම රක්ෂණ Read More

ජනපති සහ සන්ධාන නායකයින් අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ. ලබන අඟහරුවාදා පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විමට සැළසුම්කර ඇති බව  එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. යෝජිත මැතිවරණ සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතය.

බංග්ලාදේශ ජාතිකයෙක් මැරුවැයි ලාංකික තරුණයෙකුට එරෙහිව නඩුවක්

විදෙස් ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකුට මලයාසියානු අධිකරණයක් හමුවේ නඩු පවරා තිබේ. 43 හැවිරිදි බංගලාදේශ ජාතිකයෙකු ඝාතනය කළ බවට අදාළ ශ්‍රී ලාංකිකයාට චෝදනා එල්ල වී ඇත. පසුගිය මැයි මස 19 වනදා මලයාසියාවේ සිම්පන්ග් පුලායි හිදි මෙම ඝාතනය  සිදුව ඇති බව සඳහන්ය. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයා 19 හැවිරිදි තරුණයෙකු බව මලයාසියානු Read More

පකිස්ථාන යුධ හමුදා ප්‍රධානීයා දිවයිනට

පකිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ශරීෆ් මහතා නිල සංචාරයක්  සඳහා අද දිවයිනට පැමිණෙයි. හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ ආරාධනයක් මත පකිස්ථාන හමුදා ප්‍රධානියා දිවයිනට පැමිණෙන බවයි. පකිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ශරීෆ් මහතා සමඟ එරට තවත් ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් තිදෙනෙකුද පැමිණීමට නියමිත අතර Read More

පසුගිය රජය සමයේ පරිසර හානි විශාල ප්‍රමාණයක් සිදුවුණා

ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ. උත්සවය සඳහා පරිසර  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්  එක්ව සිටි බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එහිදී සැමරුම්  උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පරිසරය සුරැකීමට Read More

t

o

p