මහින්ද මෛත‍්‍රීව මරනවා !

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වුවහොත් ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා මරා දමා නැවත ජනාධිපති වන බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.  

කැනඩාවට යන අලුත් මගක් හෙළිවෙයි

ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින්  කැනඩාව බලා යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා අද අළුයම 12.30ට ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල්.454 දරණ ගුවන් යානයෙන් ජපානය හරහා කැනඩාව බලා යාමට පැමිණ ඇති බව සඳහන්ය. එහිදි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින්  අදාළ පුද්ගලයාගේ ගමන් බලපත්‍රය පරික්ෂා කිරිමේදී  එය ව්‍යාජ Read More

අභියෝග ජයගන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි

රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්‍රතිඵලදායී ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් රටවල සහය අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මේ හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා කියයි. රටක් ලෙස ශ්‍රී ලංකාව කළ යුත්තේ වෛරය සහ පළිගැනීමේ සිතුවිලි අත්හැරීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය සිදුකිරිමේ හැකියාව Read More

යුද්දයෙන් පසු යාපනයේ ලීටර කෝටි ගණනින් මත් පැන් බීලා..

ගෙවී ගිය පස් වසරක කාලයේදී යාපනය දිස්ත‍්‍රික්කයේ මත්පැන් භාවිතය ලීටර් කෝටි ගණනකින් වැඩි වී ඇතැයි යාපනය වෙළද සංගමයේ සභාපති ජයසේකරන් මහතා පවසයි. 2009 වසරේ යුද්ධය අවසන් වූ පසු යාපනයේ බියර් ලීටර් 762,610 ක් අලෙවි වී ඇති බවත්, 2014 වසර වනවිට බියර් ලීටර් 405,699,925 අලෙවි වී ඇති අතර 2009 වසරට වඩා විදෙස් මත්පැන් 2014 වසර වන Read More

යහපාලනයෙනුත් කැසිනෝවට සහය

නීති විරෝධීව ගෙන්වා තිබියදී රාජසන්තක කරනු ලැබූ කැසිනෝ මේසයක් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයකුගේ බලපෑම මත නිදහස් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.   මීට මාස හතරකට පමණ පෙර කැසිනෝ මේසය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර එය ගෙන්වීමට පෙර ICL නම් බලපත්‍රය රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය. එහෙත් එම කැසිනෝ මේසය ශ්‍රී ලංකාවට ගෙන්වන තෙක් අදාළ බලපත්‍රය Read More

එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් හෙට(19)  පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට පෙරවරු 9.30ට මෙම කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව  වාර්තාවෙයි. දේශපාලන වශයෙන් වැදගත් එකඟතා කිහිපයකට පැමිණීමේ අරමුණින් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයින්ට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.

දැයක පැතුම දරා මහින්ද සුභ ගමනකට සැරසේ.. අලූයම කිරිඅම්මා දානයක් දී ගවයන් නිදහස් කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණි. ඊට සහභාගී වීමට පැමිණි රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් මල් පහන් පූජා කොට ආගමික ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව දානමය පිංකම ආරම්භ කෙරුණු අතර කිරි අම්මාවරු රාජපක්ෂ මහතාට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පුද කළහ. Read More

සුමනදාසගෙන් පැය 8 ක්‌ ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබයගුණවර්ධන මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15 වැනිදා) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.රාජපක්‍ෂ පවුලේ ඉඩකඩම්, නිවාස, වත්කම් පිළිබඳ මෙන්ම ඔවුන් සමීපයේ සිටි විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සුමනදාස මහතාගෙන් පොලිසිය තොරතුරු ලබාගෙන තිබේ.රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩකඩම් සඳහා මෙන්ම නිවාස ඉදිකිරීම Read More

ජනතා සේවයේදී සියලු පක්ෂවල එකඟතාවයක් අවශ්‍යයි

ජනතා සේවාවන් ඉටුකිරීමේ දී සියලූම පක්ෂ එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පළාත් සහ ජාතික මට්ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දේශපාලන පක්ෂය හෝ දර්ශනය කුමක් වුවත් ජනතා නියෝජිතයන්ගේ අරමුණ විය යුත්තේ Read More

යහපාලකයෝ ලංකා හොස්පිටල් සම්පුර්ණයෙන්ම විකුණා දැමීමට සූදානම්…

කොලඹ නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිටල් ආයතනය විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එම සංගමයේ ලංකා හොස්පිටල් ශාඛාවේ සභාපති උදය සිරිවර්ධන මහතා පවසන්නේ එම රෝහලේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට 55%ක සහ රාජ්‍ය බැංකුවට 10%ක කොටස් අයිතිය හිමි බවත් එමගින් පසුගිය වසරේදී රුපියල් කෝටි 26ක ලාභයක් ලැබූ බවත්ය. ආයතනයේ සම්පූර්ණ අධ්‍යක්ෂ Read More

t

o

p