ආහාර හිඟය මත 2040දී සමාජය බිඳ වැටීමේ අවදානමක්

අඛණ්ඩව ගෝලීය ආහාර අවශ්‍යතාවය සැපිරීමට නොහැකිවීම හේතුවෙන් මතුවන සාගිනි කැරලි මගින් 2040 පමණ වන විට සමාජය බිඳ වැටීමේ අවදානමක් පවතින බව බි‍්‍රතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසා ඇතැයි වාර්තා වේ. ඇන්ග්ලියා රදස්කින් විශ්වවිද්‍යාලයේ ගෝලීය තිරසාර පැවැත්ම පිළිබඳ ආයතනය හා ඒකාබද්ධව ලන්ඩනයේ ලොයිඞ්ස් රක්‍ෂණ සමාගම විසින් සකස් කර ඇති වාර්තාවක් මගින් දක්වා ඇත්තේ දේශගුණික විපර්යාසයන්, ජල හිගය, ගෝලීයකරණය Read More

වයස 18දී ශුක්‍රාණු බැංකුවකට දාන්නලු

කාන්තාවන්ගේ ඩිම්බ මෙන්ම පිරිමින්ගේ ශුක්‍රාණු වල එකතුවකින් තොරව දරුවෙකු බිහිකිරීමක් ගැන ලොව කොතැනකින්වත් කවරෙකුවත් අසා නැතිව ඇති. ඊට හේතුව දරුවෙකු බිහි කිරීමට මේ දෙපාර්ශවයේම දායකත්වය අත්‍යවශ්‍යයම නිසාය. අද කියන්න යන්නේ කාන්තා පිරිමි මේ දෙපාර්ශවයෙන් පිරිමි කොයි කාටත් වැදගත් වන පුවතක්. සාමාන්‍යයෙන් කාන්තාවකට සාපේක්ෂව පිරිමියෙකුට ජීවිත කාලය පුරාවට ශුක්‍රාණු පිට කිරීමේ හැකියාව තියෙන කතාව අලුත් දෙයක් Read More

චීන බලු මස් සැණකෙළිය නිමවෙයි

ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චීන වැසියන්ගේ බලු මස් කෑමේ චාරිත්‍රය මේවන විට අවසන් වී තිබේ. ඉකුත් සඳුදා මෙම චාරිත්‍රය පැවැතියේ චීනයේ යුළින් පළාතේය. එය නම් කර තිබූණේ (Dog Meat Festival) ලෙසය. මෙම බලු මස් සැණිකෙළිය පවත්වා එහි වැසියන් අපේක්ෂා කළේ ශ්‍රීෂ්ම සෘතුවේදී බලපාන අධික සූර්ය රශ්මියෙන් ආරක්ෂාවීම බව කියැවෙයි. කෙසේ වුවද මෙම බලු මස් කෑමේ සැණකෙළිය Read More

බොදු බල සේනාව ඡන්දයට එන අළුත්ම පක්ෂය

බොදුබල සේනාවේ දේශපාලන පක්ෂය ‘BJP Srilanka’ වශයෙන් නම්කිරීමට එම සංවිධානය විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ. BJP යනු ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයයි. ‘BJP Srilanka’ යනු ඉන්දියාවේ BJP පක්ෂයේ ශාඛාවක්දැයි බොදුබල සේනාවෙන් කළ විමසීමකදී එම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ එහි තේරුම ‘බොදු ජන පෙරමුණ’ බවයි.

අද සිට ජාතික යෞවන ක‍්‍රිඩා උලෙල..

අද සිට ලබන 28 වන දින දක්නා ජාතික යෞවන කී‍්‍රඩා උළෙල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සංඛ්‍යාව දෙදහස් පන්සියක පමණ සහභාගීත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි එය මෙවර පැවැත්වෙන්නේ 26 වන වරටයි. ක‍්‍රීඩා උලෙල තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය ඇතුලු ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරයි.

මෙරටට මත්ද්‍රව්‍ය ගේන්න රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධයි

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයින් අතරින් ප්‍රධාන වශයෙන් රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බවට පසුගිය සතිය වන විට තොරතුරු වාර්තා වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වාණිජ මණ්ඩලයේ නිලධාරීන් හමු‍වී කරන ලද සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බැර ලෝහ විතරක් නොවේ.. මැගි නූඞ්ල්ස්වල තවත් වසක්..

ශ‍්‍රී ලංකාව තුළ මැගී නූඞ්ල්ස් ඇතුළු ක්ෂණික නූඞ්ල්ස්වල බැර ලෝහ වලට අමතරව විෂ සහිත රසකාරකයක් වන Monosodium Glutamate ද අඩංගු ද යන්න සොයා බැලිය යුතු යයි ශ‍්‍රි ලංකා හරිත පක්‍ෂය පවසයි. එහි සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. පසුගිය  සතිය තුළ සමස්ථ ඉන්දියාව පුරාම නෙස්ලේ සමාගම Read More

රජයේ සේවකයින්ට මේ මාසයේ සිට වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

මේ මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තවත් රුපියල් 2000කින් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පසුගියදා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ දී රුපියල් 5,000ක් හා ජනවාරි මාසයේ දී රුපියල් 3,000 ක් වශයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමෙ Read More

පොලිස් පුටු 12ක් මාරු වෙයි

වහාම ක්‍රියාත්මක වන පරදි සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එසේ මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන් අතරට මීරිගම, රඹුක්කන,තන්තිරිමලේ, තලවකැළේ, මුල්ලියාවේලි, විල්ගමුව, දඹගල්ල යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් ඇතුළත් බව පැවසේ. ඊට අමතරව  වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා,නුගේගොඩ සහ රත්නපුර කොට්ඨාශය භාර ස්ථානාධිපතිවරුන්ටද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

රට සංවර්ධනය කළ යුත්තේ පරිසරයත් වනසතුනුත් ආරක්ෂා කරගනිමින්

සංවර්ධනය කටයුතු සිදු කිරීමේ දී පරිසරය ද වනසතුන් ද ආරක්ෂා වන අයුරින් එම ව්‍යාපෘති දියත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති විශ්ලේෂණ විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. ඉදිරි වසර පහේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සහ විශේෂ Read More

t

o

p